~මදුරු මිත්‍රයා~
net එක ගාවට ඇවිත්
හීනියට කින්ඩි දාන්නෙ
ඉස්සර,
වෙහෙස නොබල night shift එක කරල ,
දැන්,
කොට්ටෙ එහා පැත්තෙ silence වෙලා විශ්‍රාම සුවෙන් කල් ගෙවන ෆෝන් එක දැකලද..?
පොඩි උදව්වක් කරන්න පුලුවන්ද..?
වැඩි දුරක් නෑ..9km විතර ඇති...
එයා දැන් පාඩම් කරනවත් ඇති...
අම්මත් එයා ගාවින් ඇති...
පරිස්සමෙන් ගිහින් කියන්න පුලුවන්ද මගෙ ෆෝන් එක එයාගෙ msg එකක් එනකල් තවම බලන් ඉන්නව කියල..?
ලේ පයින්ට් 1ක් ඇතිද ?
නැත්තං 2ක් ?

No comments:
Post a Comment