~වියපත් දරු සෙනෙහස~
වාරූ නැති ගතට,
සවිය දෙන සිතට,
මහළු මගෙ දෙනෙත,
පියවේ ඉදිරියට...
මඩම හුරු මසිත,
කැළඹ යයි දසත,
වැකුන විට ඔබෙ පුවත,
ලඟ හූන් කලක් නම්,
දිය හැකිය ඔවදන්...
සර් පට්ටම් , නම්බු නාමද,
ඔබට නිතරම ඇසෙයි සැම කල,
තාත්තේ යන වචනේ පමණක්,
උගත් පොතටම සීමා වනු ඇත...
මන්ද අඩු කුල,
එකම ලේ වල,
අදුර දුරලන,
ඔබය මගෙ පුත්.......

No comments:
Post a Comment