~පියාණෙනි~
සිතුවිලි අතර සරනා සිහින එක දෙක…
බිමට පතිත වී සුන්නද්දූලී වී යද්දී…
"වැටි වැටී නැගිටින එවුන්
ලොව දිනනවා" යැයි පවසා
නිදා සිටි යෝධයෙකු අවදි කරවූ ඔහු…
යෝදයාගේ දස්කම් විස්කම් බලන්නටත් කලියෙන්ම,
යෝදයාවත් මනුසතෙකු කරවා යලිත්
පොලෝ තලයේ සැතපුනා…
ඒත් ඒ යෝධයා ඒ පන්නරයෙන්ම
තවත් දස මහා යෝදයන් තනා
තම යුතුකම මෙලොවට ඉටුකලා…
අපේ කාලයේ යෝදයෙකු නොවී තවත් යෝදයන් මෙලොවට බිහි කල ඔහු...
අප කවුරුත් දැන හදුනන,
ආදරය කරන,
හැදූ වැඩූ,
තාත්තා ය.

No comments:
Post a Comment