cvbcv

vtunes1994's  album on Photobucket

Friday, September 5, 2014

Paa wuna mage adare - Roshan Darshana


Title - Paa wuna mage adare
 Artist - Roshan Darshana
Music - Varuna Dulanjana @ V tunes
Lyrics - Pathum M Ekanayaka 
Mix & Mastering - Gayashan Darshana



Sunday, July 27, 2014

~දේශපාලනික දඩබ්බරයින්~

~දේශපාලනික දඩබ්බරයින්~ 

කලුවට පෙනෙන දේ,
අළුවට පෙන්නන...

අළුවට පෙනෙන දේ,
කලුවට පෙන්නන...

බලහත්කාර දේශපාලනික දඩබ්බරයින් සමග,
අපි කිරිත් එක්ක නයි බිත්තර තම්බන් කන්නෙමු...


Saturday, July 26, 2014

~වියපත් දරු සෙනෙහස~

~වියපත් දරු සෙනෙහස~

වාරූ නැති ගතට,
සවිය දෙන සිතට,
මහළු මගෙ දෙනෙත,
පියවේ ඉදිරියට...

මඩම හුරු මසිත,
කැළඹ යයි දසත,
වැකුන විට ඔබෙ පුවත,
ලඟ හූන් කලක් නම්,
දිය හැකිය ඔවදන්...

සර් පට්ටම් , නම්බු නාමද, 
ඔබට නිතරම ඇසෙයි සැම කල,
තාත්තේ යන වචනේ පමණක්,
උගත් පොතටම සීමා වනු ඇත...

මන්ද අඩු කුල,
එකම ලේ වල,
අදුර දුරලන, 
ඔබය මගෙ පුත්.......


Friday, July 25, 2014

~මගේ පළමුවෙනි පෙමට~

~මගේ පළමුවෙනි පෙමට~
(Read the full caption for the meaning & Script)

ඒක සිකුරාදාවක්,
මාස දෙකකට විතර පස්සේ ඔය ඇස් දෙකත් එක්ක,
හීන දකින්නයි කියල මං ආවා...

පංති ඉවර වෙලා,
ළමයි 100ක් විතර එක රැල්ලේ කඩාගෙන එලියට පනිද්දී,
මගේ ආදරේ, මගේ මෝඩි, මගේ කවිකාරි,
දැන් ඒවි කියලා මගේ යටි හිත මට කීවා...

හිත කියන දේට මං තවමත් කීකරුයි,
ඒ නිසා බලන් උන්නා,
ආයේ උඹේ අතින් අල්ලන්,
වැරදුනු තැන් නිවැරදි කරන්,
ඔය තුරුලේ නිදියන්,
ඔය දෙතොලේ පැටලී පැටලී,
ඔය ඇස් දෙක ඉස්සරහ උන්මත්තකයෙක් වෙන්න...

ඔව් ඒ පිස්සුවට තවම මං ආසයි, හැමදාම වගේ,
දම් පාට බෑග් එක එල්ලගෙන,
පොත් මිටියක් පපුවට තුරුලු කරන් මගේ මෝඩි ආවා,

වෙනදා වගේ මගේ ලඟට එක පාර දුවන් ආවේ නැතත්,
මගේ ඇස් සිහා කෙලින්ම බලාගෙන,
මොන මොනවදෝ දොඩව දොඩව ආවා...

සත්තයි නුඹේ ඇස් දිහා නොබලා,
උඹ දිහාම බලන් උන්නනම් මං එතනින් අඩි ගානක් විසි වෙලා,
කාටත් හොරෙන් උඹ දිහා බලා ඉඳල යන්න ඇති...

මගේ අතේ එල්ලිලා, මගේ ඇඟිලි එක්ක වැලි දාගත්තු අත,
තව කෙනෙක් අල්ලන්, පිරිමදිනවා බලාගෙන,
කඳුලුත්, අසරනකමත් එක්ක රණ්ඩු කරන් මං උන්න...

නුඹ ආව කෙලින්ම මගේ ලඟට,
උගේ අත අල්ලගෙනම...
ඇවිත් කියපු දේ,
තවම මේ හිතට වදයක් මොඩියේ...
ආදරෙයි හැමදාමත්,
දුක විතරයි, තරහක් නැහැ ...

"මගේ දෙතොලේ සුව සෙවූ නුඹ,
අත් පටලන් තවකෙකු හා,
ආවා, මා වෙත ආවා,
නොදනිම කඳුලක් මට හැඩ වූවා.....

දුටුවා නුඹ එය දුටුවා,
මම වගේ නුඹ ඔහු ගැන මට කීවා,

නුඹේ ආදරේ, 
නුඹේ ජිවිතේ,
නුඹේ සිහිනය,
නුඹේ උරුමය,
කියලා මට දිවුරා, නුඹ කීදේ,
ඔහුටදැයි මම ඇසුවා,
නුඹ නිරුත්තර වී නිරුවත් උනා..."


~යන්න හිතුනා~

~යන්න හිතුනා~

ජීවිතය ගැන බරක් පතලක් 
නොතෙරෙන ඔය පුංචි මල් හිත 
හිමි වේවි මට අහිමි වෙන හැටි 
බලන් ඉදලා බැරිම තැනදීම 
යන්න හිතුවා ඔය හිතෙන් මං....

"හිමි නොවුනත් ගිම්හානයට.....
ඔබ හිමි ඒ වසන්තයට"


~මදුරු මිත්‍රයා~

~මදුරු මිත්‍රයා~

net එක ගාවට ඇවිත්
හීනියට කින්ඩි දාන්නෙ 
ඉස්සර,
වෙහෙස නොබල night shift එක කරල , 
දැන්,
කොට්ටෙ එහා පැත්තෙ silence වෙලා විශ්‍රාම සුවෙන් කල් ගෙවන ෆෝන් එක දැකලද..?
පොඩි උදව්වක් කරන්න පුලුවන්ද..?
වැඩි දුරක් නෑ..9km විතර ඇති...
එයා දැන් පාඩම් කරනවත් ඇති...
අම්මත් එයා ගාවින් ඇති...
පරිස්සමෙන් ගිහින් කියන්න පුලුවන්ද මගෙ ෆෝන් එක එයාගෙ msg එකක් එනකල් තවම බලන් ඉන්නව කියල..?

ලේ පයින්ට් 1ක් ඇතිද ?
නැත්තං 2ක් ?


~ සම කල නොහැක~

~ සම කල නොහැක~

ලඟ පාත නැති ගහකොළ
සතා සිවුපාවා , මදනල , සිසිල් දිය දහරාවල්…… 
සිතින් මවා ගෙන කොන්ක්‍ර්‍රීට් වනයක වෙසෙන මම

සැබෑ ලෝකයේ මේ දෑ ලැබුණු විට
ලබන අමන්දානන්දයට වඩා වැඩි තෘප්තියක්, මෙලොව කිසිම දෙයකින් මම තවමත් නොදුටුවෙමි,

තාක්ශණය කොතරම් දියුණු වුවත් පෙර කී දෙයට සම කල නොහැක. කිසිකලෙකත්.!