~නොවෙනස් සේනෙහස ~
ජිවත් වෙන හැම තත්පරේම,
හුස්ම ගන්න හැම නිමේෂයම,
හද ගැහෙන හැම වාරෙම,
මං ඔයාල දෙන්නට ණය ගැති....
අතින් අල්ලන් "අ" කියල දුන්නු,
හිතින් පන්න පන්න ආදරේ ඉගෙන්නු,
සමාජයට කැන්දන් මනුස්සකම් හුරු කෙරු,
නොමිනිස් මිනිසුන්ගේ වැඩ ගැන පැහැදු...
මගේ අම්මයි,
මගේ තාත්තයි,
මගේ කවියයි,
මගේ අකුරුයි,
වගේ...
ඔයාල දෙන්නගේ ආදරේ,
හැමදාම වැඩි උනා මිසක්,
අඩු උනේ නැහැ,
මගෙන් ලැබුනු ආදරේ ඔයාලට,
මදි උනා මිසක්,
වැඩි උනේ නැහැ...

No comments:
Post a Comment